ගොලුබෙල්ලන්ගේ හානිය


ගොලුබෙල්ලො කිව්වම මතක් වෙන්නේ අපෝ මහා වදකාර සතෙක් එහෙම නැත්නම් කරදාර කාරි සතෙක් විදියටයි.මොකද ඒ තරමටම වගා හානි කරන ත්රස්තවාදීයෙක් වෙලා.මේ ගොළුබෙල්ලන් හා හම්බෙල්ලන් අයිති වෙන්නේ මොලුස්කා කියන වංශයට.ලංකාවේදී අපිට ගොලුබෙලි වර්ග 253 දකින්න පුළුවන් ඒ අතරින් 205 ක්ම අපේ රටට ආවෙනික ගොලු බෙල්ලෝ..එතකොට අපේ මේ වගාවට හානි කරන යෝධ අප්රිකානු ගොලුබෙල්ලා වගේම අනික් වර්ග 18 ,ම විදේශ රටවලින් මෙරටට පැමිණි වර්ග වෙනවා.


මේ ගැටලුව ගොඩක් අයට තියෙන ලොකුම ප්රශ්නයක් .අද මේ ලිපියෙන් ගොලුබෙලි කරදරෙන් කොහොමද නිදහස් වෙන්නේ කියලා ඔයලට පොඩි වෙලාවක් අරන් කියන්න ඕනේ කියලා හිතුනා.ක්රම ගොඩක් තියෙනවා කරන්න පුළුවන් ..අදම කරලා බලන්න..හැබැයි මේ මොන ක්රමේ කලත් අපේ සැලැකිලිමත්කම නැත්නම් අපිට මේ කරදරය මර්ධනය කරගන්න බැරි වෙනවා.ඒ නිසා ප්රධානම කාරණය තමයි අපේ ගෙවත්ත නිතරම පිරිසිඳුව තියාගන්න එක.ගෙවත්ත අපිරිසිදුයි නම් මොන දේ කලත් හරි ප්රතිඵලයක් බලන්න බැරිවෙනවා.අපේ ගෙවත්ත,කාබනික දේ උපයෝගි කරගෙන කරන දෙයක්නේ.ඉතින් පරිසර හිතකාමී අයුරින් ගොලුබෙලි මර්ධනය කරගන්න ඇත්තටම පුළුවන්.නිතරම අපේ වගාව හොඳට නීරීක්ෂණය කරන්න ඕනේ.අපි නිතරම ඉඩ ලැබෙන වෙලාවට අපේ වගාව බලන්න ඕනේ.ගහ කොල එක්ක ඉන්න ඕනේ.මේ ගොලුබෙල්ලො කරදරේට පහසුවෙන් කරන්න පුළුවන් කරන්න පුළුවන් දේවල් ටිකක් නම්...ඔයාලා ටවුන් එකට ගියාම ඔය බුලත් දුම්කොල විකුනන්න තියෙන තැනකින් අඩුවට තියෙන දුම්කොල දෙකක් විතර අරන් එන්න.මොකද දන්නවද දුම්කොලත් ප්රබල ගොලුබෙලි විකර්ශකයක්.දුම්කොලයක් ගෙනල්ලා ඒකේ නැටියි,දුම්කොල කෑලියි හොඳට කොටලා වතුර ලීටරකෙට දාලා කලවම් කරලා පැය 24 ක් පෙඟෙන තියලා හැන්ඳෑවේ 6 න් පස්සේ ගස් වලටයි,ගස් වටේටයි හොඳට ස්ප්රේ කරන්න.ඒක එක ක්රමයක්.
දුම්කොලයක් පොඩියට කපලා කෝපි කුඩු තේ හැඳි 4 ක් හොඳට කොටලා වතුර ලීටර් 02 ක් එක්ක කලවම් කරලා දවසක් තියලා ගස් වලටයි ගස් වටේටයි ස්ප්රේ කරන්න.මේක තව ක්රමයක්.
තවත් ක්රමේකට අපිට හදාගන්න පුළුවන් මෙන්න මෙහෙමත්.ලොකු සුදුළූනූ ගෙඩි 02 කුයි,දුම්කොල කෑල්ලකුයි , නයි කොච්චි හරි කොච්චි ග්රෑම් 100 කුයි, ඉඟුරු කෑල්ලකුයි , කෝපිකුඩු තේ හැන්ඳකුයි දාලා හොඳට බ්ලෙන්ඩර් කරගෙන වතුර ලීටර් එකක කලවම් කරලා පැය 24 ක් තියලා පෙරලා අරන් ස්ප්රේ කරන්න හොඳට ගස් වලටයි ගස් වටේටයි.මේ සේරම ක්රම කරන්න ඕනේ හවස 6 න් පස්සේ.මොකද ගොලුබෙල්ලො එලියට බහින්නේ අඳුර වැටෙනවත් එක්කනේ.
දුම්කොල හා සමානවම ප්රබල ගොලුබෙලි විකර්ශකයක් තමයි මේ කෝපි.කැෆේන් තියෙන කෝපිකුඩු ප්රබල ගොලුබෙලි විකර්ශකයක්.ඔයාලා ගාව කෝපිඇට තියෙනවනම් කුඩා කැබලි හිටින විදියට කෝපි ඇට ටික කොටාගෙන ඒවා දාන්න හවසට පැල වටේට.ඒ වගේම කෝපි මන්ඩි එහෙම විසි කරන්න එපා.ඒවාත් දාන්න ගස් වටේට.එතැනින් එහාට ගොලුබෙල්ලන්ට එන්න හැකියාවක් නෑ.
ගෙදරට ගෙනාපු බිත්තර කටු මෙච්චර කාලයක් ඔයාලා අහක දැම්මානම් මීටපස්සේ ඒව අහක දාන්න එපා.ඒව එකතුකරලා කුඩු කරලා ඒවත් දාන්න පැල වටේට. ඇත්තටම මේවා තමයි අපිට පැල බේරගන්න හරිම පහසුවෙන් ඉදිකරන්න පුළුවන් ස්වාභාවික බලකොටු
ඒ වගේම තමයි මේ ගොලුබෙල්ලො හරිම අකැමති දෙයක් තමයී මේ ළූනූවල සුවඳ...එයාලා පොඩ්ඩක්වත් කැමති නෑ ඒවට.ඒ නිසා ඒ දුර්වල තැන ප්රයෝජනයට අරන් අපිට පුළුවන් ලූනූ පොතු අපේ ගෙවත්තේ තියෙන පැල වටේට දාන්න.
අපේ ගෙවල්වල තියෙන ලුණු කැට පාවිච්චි කරලත් පුළුවන් බලකොටුවක් හදන්න.ලුණු කැට ටිකක් අරන් පැල වටේට රවුමට ඉහින්න.ඒකත් හොඳ ක්රමයක්.ඒ වගේම පොල්පිති තියෙන අය ඉන්නවානම් පොල්පිති පුච්චලා ඒවයේ අළු ටික අරන් පැලවල මුල් වලට වැටෙන්නේ නැති වෙන්න ගහ වටේට ඉහින්න.මොකද මේ පොල්පිති අළු වලත් ළවණ අඩංඟු වෙනවා.
කවුරුත් අහලා තිබුනද වැලි යොදාගෙන අපිට ගොලුබෙල්ලන්ගෙන් පැල බේරගන්න පුළුවන් කියලා.ගන්න වැලි ටිකක් අරගෙන පැලවටේට රවුමට ඉහගෙන යන්න.එච්චරයි කරන්න තියෙන්නේ.මේ ක්රම හරිම පහසුයි සරලයි.හැම එකක්ම කරන්න.කියවලා නිකන් ඉන්න එපා.අත් හදා බලන්න.
වැලිකඩදාසී යොදාගෙන ගොලුබෙල්ලො පැල කන එක පළක්වගන්න පුළුවන් කියලා ඔයාලා විශ්වාස කරනවද.අරගන්න ගෙදර තියෙන වැලි කඩදාසියක් දෙකක්.ඉරන්න සාමන්ය කෑලී වලට.වැලි කඩදාසියේ කටු කටු වගේ අහු වෙන පැත්ත එහෙම නැත්නම් රළු පැත්ත උඩට හිටින විදියට තියන්න පැලවටේට.ඔන්න රළු බලකොටුවක් කරදර ගොලුබෙල්ලන් ට.
මීටපස්සේ ඔය ගෙදරට ගේන හිස් මෙගා බීම බෝතල් විසි කරන්න එපා.ඒවත් අපිට ඕනේ වෙනවා.සීනී ටිකක් වතුරේ දියකරලා පැය 24 ක් තියන්න.අර වගේ හිස් බෝතල් ටිකක් අරන් දෙකට කපලා මූඩි කොටස අයින් කරලා අනිත් කොටසට අර සීනී ද්රාවණය ටික ටික දාලා පාත්ති තියෙන හරියේ තැනින් තැන ගස් අතරින් තියන්න.මේකත් අපිට කරන්න පුළුවන් තවත් එක ක්රමයක්.
අපි ගෙදරට ගේන එලවලු යොදාගෙනත් අපිට පුළුවන් පොඩි ක්රම කරන්න.මීටපස්සේ ගේන කැරට් වල පොතු, ගෝවා කොල, සළාද කොල වගේ දේවල් ෆ්රිජ් එකේ දාලා අරන් තියාගන්න...මේ ගොලුබෙල්ලො හරිම පෙරේත කෑම ටිකක් තමයි අන්න ඒවා.ටවුන් ගියපු වෙලාවක අරන් එන්න යීස්ට් ටිකකුයි සීනී ටිකකුයි.ගෙනල්ලා දෙකෙන්ම සම ප්රමාණවලින් අරන් වතුර දාලා දියකරලා පැය 6 ක් පිපෙන්න තියන්න.තියලා අර සලාද කොලයක්,ගෝවා කොලයක් එහෙම,කැරට් පොතු එහෙම අර යීස්ට් ද්රාවණයෙන් පොඟව ගන්න.ඔයාලා ගාව කලුපාට කුණුදාන බෑග් තියෙනවනම් ඒ බෑග් එකක් අරන් පාත්ති තියෙන හරියේ බිම එලලා බෑග් එක උඩින් මොකක් හරි බරක් තියන්න.තියලා කෝටු කෑල්ලක් අරගෙන බෑග් එකේ කට පැත්ත ඇරලා අර කෝටු කෑල්ල කට ඇරිලා තියෙන්න බැග් එකේ උඩයි පහලයි සම්බන්ධ වෙන්න කෝටු කෑල්ල හිටවන්න.ඉටපස්සේ ඒක ඇතුලට අර ගෝව කොල,කැරට්,සලාද කොල ටික දාලා තියන්න.පැයකින් දෙකකින් ගිහින් බලන්න අර යීස්ට් වල සුවඳට පැල ටික කාලා දාන කර්දරකාරයෝ ටික ඇවිල්ලා ගෝවා කකා ඉඳී..උදේ පාන්ඳරම උරේට ඇවිත් උන් ඔක්කොම ටික අරන් ගහින් දාන්න.මීටර් 100 කින් එහා දුරකට.මොකද ලගට දැම්මොත් උන් ආපහු තමන්ගේ සුපුරුදු තැනට එනවා..ඒ වගේම ඔයාලා ගෙදරට ගේන දොඩම් ලෙලි,දෙහි ලෙලි වගාවේ පැල අතර තියන්න.ඒවාට එන ගොලුබෙල්ලො උරේකට එකතුකරලා ඈතකට ගිහින් දාන්නත් පුළුවන් තවත් ක්රමයක්.
දොඩම් යුෂ පාවිච්චි කරලත් පුළුවන් පොඩි වැඩක් කරන්න.මොකක්ද දන්නවද හිස් බීම බෝතලයක් අරගෙන දෙකට කපලා මූඩිය තියෙන පැත්ත බෝතලේ යට කොටස ඇතුලට තියලා වටේට සීල් වෙන විදියට සෙලෝටේප් එකක් ගහගන්න.ඊටපස්සේ දොඩම් යුෂ ටිකක් ඒක ඇතුලට දාලා වගාවේ තැනින් තැන තියන්න.දොඩම් යුෂ සුවඳට ඇදෙන ගොලුබෙල්ලො උරේකට එකතු කරලා ඈතකට ගිහින් දාන්නත් පුළුවන් .
කාන්තා පාර්ශවයේ කොන්ඩේ පීරනකොට පනාවට කෙස් ප්රමානයක් රැඳෙනවනේ.එකතු කරගන්න ඒවා උරේකට.පොඩියට කපලා දාන්න ගස් වටේට.මම උඩින් කියපූ ක්රම ටික වහින වේලවක ප්රායෝගික නොවෙන්න පුළුවන් .ඉතින් අනෙක් අවස්තාවල අපිට පුළුවන් ඒ ක්රම යොදාගනිමින් විසඳුම් හොයාගන්න.
ඒ වගේම ටෝච් එකක් අරන් කලුවර වැටුනම යන්න පොඩ්ඩක් ගෙවත්තේ රවුමක්.යනකොට ඔයාලට දකින්න පුළුවන් කට්ටිය වැඩ පටන් අරන් ඉන්නවා.අතින් අල්ලන්න හිරිකිතයි නම් අතට ග්ල්වුස් එකක් හරි දාගෙන උන් අල්ලලා උරේකට දාගෙන ගිහින් ඈතකට දාන්න.මේ ක්රමේ අනිවාර්යයෙන් වගේ කරන්න ඕනේ දෙයක්.එක දවසක් කරන්න,දෙවෙනි දවසෙත් කරන්න,තුන්වෙනි දවසෙත් කරන්න.හතරවෙනි දවසේ ඔයාලටත් නොදැනිම යැවෙයි ඔයාලගේ ගෙවත්තට.
බඳුන්වල වගා කරන අයටත් ඉහත ක්රම කරන්න පුලුවන් වගේම මෙන්න මේ ක්රමත් ඔයාලට කරන්න පුළුවන් . පල්මානික්කම් ටිකක් අරන් වතුර දාලා දියකරලා විසිකරන කපු රෙදි කැල්ලක් අරගෙන අඟල් 1/2 ක් පළල හිටින්න දිගට ඉරාගෙන අපි අර දියකරගත්තු පල්මානික්කම් එකේ මෙන්න මේ රෙදි පටි ටික පැයක් ගිල්ලලා තියන්න.ඊටපස්සේ ඒ රෙදි පටි ටික අරගෙන අව්වේ වේලලා ඔයලා වගා කරලා තියෙන බඳුන් වලට අර රෙදි පටි අරන් ගැටයක් දාන්න.මේවා ලේහෙසියෙන් කරන්න පුළුවන් දේවල්.
තඹ කම්බි අරගෙන බඳුන් වල මැදින් ගැටගහගන්න...තඹ කම්බිය ගැහුවම වෙන්නේ ඒ කම්බියෙන් නිකුත් කරන විද්යුත් ධාරා ගොලුබෙල්ලො එන එක වලක්වනවා.පාත්ති දාපු අයටත් පුලුවන් පාත්ති වටේට තඹ කම්බි පොලවට ගෑවේන නොගෑවෙන මට්ටමට අදින්න.
ඔයාලා දැනන් හීටියද මේ ගොලුබෙල්ලො ගස්ලබු මල් කන්නත් හරිම කැමතියි කියලා.ඔයාලා සමහර අයනම් දැකලත් ඇති ගස්ලබු ගහේ ඉන්නවා ගොලුබෙල්ලො .ඉතින් ඔයාලට පුළුවන් ගොලුබෙල්ලන් ගෙන් ගස්ලබු ගහ බේරගන්න ගස්ලබු ගහෙත් තඹ කම්බි කෑල්ලක් ගැටගහලා. දහස්පෙතියා ශාකය කෘමිවිකර්ශකයක් නිසා ඒවා හිටවීම තුලින් කෘමි උවදුර පාලනය කරගන්න පුළුවන් කියලා.හැබැයි ඔයාලා දැනන් හිටියද වෙනත් කෘමියෝ විකර්ෂණය කරන මේ දහස්පෙතියා වලට ගොලුබෙල්ලො නම් හරිම කැමතියි කියලා..ඒ නිසා බිම හිටවලා තියෙනවනම් ඔයාලට පුළුවන් ඒ ගහටත් තඹ කම්බියක් ගැහගහන්න.බඳුනක හිටවලා තියෙන අයට පුළුවන් අර මන් ඉස්සෙල්ලා කිව්වා වගේ පල්මානික්කම් රෙදි කෑල්ලක් ගැටගහන්න එහෙම නැත්නම් තඹ කම්බියක් ගහන්න..ඔන්න ඔහොමයි කරදරයක් උන මේ ගොලුබෙල්ලො ඉතාම ලේසියේන් මර්ධනය කරගන්නේ.මොන ක්රම කලත් ගෙවත්ත අපිරිසිදුයි නම් ගොලුබෙල්ලො පැතිරෙන එක වැඩියි.ඒ නිසා නිතරම ගෙවත්ත පිරිසිඳුව තියාගන්න.එයත් අපිට උපකාරයක් එයි.අපේ ගෙවත්තට එන ඇටිකුකුලෝ, හෝතඹුවෝ, තලගොයි වගේ සතුන් ගොලුබෙල්ලො ආහාරයට ගැනීමෙනුත් ජෛව පාලනය කරගන්න පුලුවන් ..ඉතින් අපේ ගෙවත්තට එන ඒ සතුන්ට එන්න ඉඩහරින්න..

Comments