සරල පලිබෝධ පාලන ක්‍රම

 සරල පළිබෝධ පාලන ක්‍රම 

* දුම් ඇල්ලීම

තද උණුසුමක්‌ පැළෑටිවලට නොවදින සේ බඳුනකට අමු ශාක කොටස්‌ ගෙන දැල්වෙන අඟුරු ස්‌වල්පයක්‌ එකතු කර දුම් ඇල්ලීම සිදු කෙරේ. මදුරුතලා සහ කොහොඹ මේ සඳහා විශේෂයයි.

දිනකට වතාවක්‌ දුම් ඇල්ලීමෙන් විශාල සංඛ්‍යාවක්‌ කෘමීන් මර්දනය කරගත හැකිය. වියළිගොම, දුම්කොළ, කැප්පෙටියා, ගෙන්දගම් සහ සාම්බ්‍රානි වැනි ද්‍රව්‍ය ද දුම් ඇල්ලීම සඳහා යොදා ගනී.

* අළු භාවිතය

අළු කෘමි සතුන්ට මෙන්ම දිලීර රෝග සඳහා ද සුදුසුය. භාවිතයට ගනු ලබන්නේ දැව අළු වර්ග පමණි. පොල් ගසට සම්බන්ධ කිසිම කොටසක අළු බෝග වගාවන්හි කෘමීන් පාලනයට සුදුසු නොවේ.

"වීර" ශාකයේ දැව අළු භාවිත කළ හැකි නම් වඩාත් සුදුසුය. අළු ස්‌වල්ප ප්‍රමාණයක්‌ කෙලින්ම පත්‍රවලට වැටෙන සේ ඉසීම කළ යුතුය. එසේම විවිධ ද්‍රවණයන් සමග මිශ්‍ර කර යොදා ගැනීමට ද පුළුවනි. කොළ ගෝවා වැනි බෝගවල දළඹුවන් හා කුඩා පණුවන් පාලනයට වියළි අළු පත්‍ර මතුපිටට ඉසිය යුතුය

* සබන් දියර භාවිතය

සබන් දියර මයිටාවන්ගේ හානිය (මිරිස්‌ ආදියෙහි කොළ හැකිලීම) පාලනය කිරීම සඳහා වඩාත් සුදුසුය. සාන්ද්‍ර සබන් වතුර කෝප්ප 1/4 ක්‌ සහ භූමිතෙල් මේස හැඳි 1/4 ක්‌ වතුර ලීටර් 1 කට මිශ්‍ර කර යෙදීම.

සබන් දියරය කෘමීන් පලවා හැරීම සඳහා යොදාගැනේ. දළඹුවන් මර්දනය කිරීම සඳහා ලුණු, මිරිස්‌ සහ සුදු ලූනු සමව ගෙන සබන් දියරය යොදා පල් කර බෝගවලට ඉසීම. බෝගවලට නිතර නිතර සබන් දියර යෙදීම ද සුදුසු නැත.

*කහ කුඩු සහ ගව මුත්‍රා භාවිතය

කහ කුඩු, ගව මුත්‍ර සමග 1:2 අනුපාතයට මිශ්‍ර කර දළඹුවන් පාලනය කිරීම සඳහා යොදාගැනේ.

ගව මුත්‍ර ගෙන දින 14 ක්‌ පමණ හිරු එළියට විවෘතව තබා පල්වීමට හැර සැර බාල කර බෝගවලට යෙදිය හැකිය. මෙම ද්‍රාවණය සතියකට 6 වතාවක්‌ පමණ යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ.

ගව මුත්‍රා පමණක්‌ බෝතලයකට දමා එහි කට උඩට සිටින සේ පොළොව යට සතියක්‌ පමණ වළලා තබා සැර බාල කර වගාවනට යෙදිය හැකිය. මෙම ද්‍රාවණය මාස 6 ක්‌ පමණ කල් තබාගැනීමට පුළුවන.

පැළමැක්‌කන්ට, දළඹුවන්ට, මයිටාවන්ට මෙන්ම දිලීර හා වෛරස්‌ රෝග සඳහා ද මෙය භාවිත කළ හැකිය.

*කහ පාට ඉටි රෙදි කපා ශ්‍රීස්‌ ආලේප කර අවුලකපෝර  කෘමීන් සිටින ස්‌ථානවල එල්ලීම

අවුලකපෝර කුරුමිණියාගේ හානිය පාලනය සඳහා සබන් දිය කරන ලද ජලය ස්‌ප්‍රේ කර ඒ මත අළු දමන්න. වැසි නැති දිනවලදී මෙය සිදු කළ යුතුයි.

* ඵල ආවරණය

පතෝල, කරවිල, වැටකොළු කරල් වර්ධනයේ ආරම්භක අවස්‌ථාවේදීම පොලිතින් වලින් ආවරණය කිරීමෙන් ඉල් මැස්‌සාගෙන් වන හානිය පාලනය කරගත හැකිය.

සියලුම ශාකසාර හොඳින් පෙරා සකස්‌ කර ගැනීමෙන් දියර ඉසින යන්ත්‍රයක්‌ භාවිතා කර බෝගවලට ඉසීම කළ හැකිය. ඉසීම සඳහා පිළියෙල කරගත් ශාක සාර හිරුඑළිය නොවැටෙන අඳුරු ස්‌ථානයක ගබඩා කර තැබිය යුතුය.

සවස්‌ කාලයේදී බෝගවලට යෙදීමෙන් හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකිවේ.

(තොරතුරු වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්)
සටහන
බමුණාකොටුව - නන්දන සිරි ශාන්ත කුමාර

Comments

Popular posts from this blog

ගොලුබෙල්ලන්ගේ හානිය