කහ වගා කරමු

"කහ වගා කරමු"



කහ හිටවන්නත් කාලේ හරි ඔන්න...
ඔන්න එහෙනම් අද කහවගා කරන ආකාරය ගැන කියන්නයි යන්නේ...
• කහ බෝගය කුරුණෑගල, මහනුවර, මාතලේ, ගම්පහ, කොලඹ, කෑගල්ල, නුවරඑලිය, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, රත්නපුර, මොණරාගල, පොලොන්නරුව, අම්පාර ජල සම්පාදනය යටතේ වියළි කලාපයේ තෝරාගත් ප්‍රදේශ වල හා අතර මැදි කලාපයේද වගා කරන්න පුලුවන්...
• කහ හිරුඑළිය ප්‍රිය කරන බෝගයක් වුවද බහුලව මද සෙවන තත්ව යටතේ වගාකරනු ලබයි.. නමුත් අධික සෙවන අස්වනු අඩුවීම කෙරෙහි බලපයි...
• යල කන්නයේ වැසි සමග මාර්තු, අප්‍රේල්, යන මාසයන් කහ සිටුවීමට  යෝග්‍යතම කාලය වෙනවා...
නමුත් දිවයිනේ සමහර ප්‍රදේශ වල විශේෂයෙන්ම වියළි ප්‍රදේශවල මහ කන්නයේ වර්ෂාව සමග ඔක්තෝබර්, නොවැම්බර් මාස වලදීද කහ වගා කරනු ලබනවා...
• අඩි එකක් වත් ගැඹුරට පස පෙරලා කැට පොඩිකර ගැනීම කලයුතුයි... ඩොලමයිට් යෙදීමද කල හැකිනම් වඩාත්ම සුදුසු වෙනවා... මෙහිදී ඩොලමයිට් යොදා සති තුනක් තිබෙන්නට හැර කහ සිටුවීම වඩාත් උචිත වෙනවා...
• අඩි 5ක් පලළ, සෙ.මි. 25 උස පාත්ති කැමති දිගකට සකසා ගත හැකි වෙනවා... සකස් කරගත් පාත්ති වලට දිරූ කාබනික පොහොර සත්ව පොහොර හා පිළිස්සූ දයියා අගුරු යොදා හොදින් පස් සමග මිශ්‍ර කර ගතයුතුයි... 
අනතුරුව පාත්ති හොදින් තෙත් කර පාත්ති මත පලමුව දහයියා තට්ටුවක්, ඊට උඩින් පිදුරු තට්ටුවක්, නැවතත් දහයියා තට්ටුවක් යොදා සුලං හමන දිශාවට ප්‍රති විරුද්ධ දිශාවෙන් ගිණි තැබීමෙන් සෙමින් ඇවිලීමට සලස්වා පස තම්බා ගැනීම හෙවත් ජීවාණුහරනය කර ගැනීම මගින් අහිතකර රෝග කාරකයින් මර්ධනය කරගත හැකි වෙනවා...
සිටුවීමට ප්‍රථම සාන්ද්‍ර සුපර් පොස්පේට් ග්‍රෑම් 50ක් එක් පාත්තියකට යෙදීමද කල හැකියි...
• පාත්ති දෙකක් අතර පරතරය අඩි 1 1/2 ක් ගැඹුර හා පලළ කානුවලින් වෙන්කරන්නත් අමතක කරන්න එපා... 
• මෙහිදී පාත්ති මායිමේ සිට අඩි බාගයක් පාත්තියෙහි ඇතුල් පැත්තට අතහරිමින් කහ බීජ සිටුවීම කල යූතුයි.. 
• බීජ කැබලි සිටුවීමේදී පැල හා පේළි අතර පරතරය අඩි එකක් තබා ගැනීම අනිවාර්යයෙන්ම කලයුතු වෙනවා... මෙහිදී එම පරතරයන්ට සිටුවීමෙන් පේළි 5ක් වත් සිටු වීමට හැකිවෙනවා...
• සිටුවීම සදහා රෝග පළිබෝධ වලින් තොර හොදින් වර්ධනය වූ වැඩි අස්වනුසහිත වගාවලින් සුදුසු රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම වැදගත් වෙනවා...
• සිටුවීමට ඇගිලි අල භාවිතා කරන අතර හොදින් මේරූ, මද්‍යස්ථ ප්‍රමාණයකින් යුතු අල භාවිතා කලයුතු වෙනවා... මෙහිදී කුඩා කැබලි ගැනීමට වඩා ග්‍රෑම් 50 පමණ බරැති තනි අල කැබලි ලෙස කපා වෙනකර ගනිමින් සිටුවීමට භාවිතා කිරීම සුදුසු වෙනවා... 
හෙක්ටයාර එකකට බීජ කහ අල කිලෝ 2250 ක් පමණ අවශ්‍ය වෙනවා...
අඩි 5ක් පළල, අඩි 10දිග පාත්තියකට බීජ කහ අල කිලෝ 2 1/2 - 3 පමණ අවශ්‍යවෙනවා...
• මෙම බීජ අල සුදුසු ප්‍රමාණයේ කැබලි වලට වෙන්කරගත් පසු 0.3% කැප්ටාන්, තිරාම්, මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක විනාඩි 10 පමණ ගිල්වා තබා ගැනීමෙන් දිලීර ආසාධන වලින් වලකා ගත හැකිවෙනවා... (ග්‍රෑම් 30 ක් වතුර ලීටර 10 දියකර දිලීර නාශක ද්‍රාවණය සාදා ගත් හැකියී)
• මෙම බීජ අල කැබලි අගල් 1 - 2 ගැඹුරින් සිටුවා ගතයුතුයි...  සිටුවා ගැනීමෙන් පසු හොදින් ජලය යෙදිය යුතු අතර සෙ.මි. 2 - 3 ඝනකමට පිදුරු, දහයියා, ග්ලිරිසීඩියා හෝ පොල් අතු යොදමින් වසුන් සැපයිය යුතුයි... පොල් අතු යෙදීමේදී පොල් කොලයේ පීල ඉහල අතට සිටීමට යෙදීය යුතු වන්නේ හට ගන්නා පැල පීල්ලෙහි හිරවීම වලකාලිමටයි...
• සිටුවා මාස 1 1/2 හා මාස 3පසුව වල් මර්ධනය කලයුතුවෙනවා... මෙම අවස්ථා දෙකෙහිදීම වසුන් අළුත් කිරීම කලහැකියී...
• සිටුවා මාස 1 1/2 පසු එක් පාත්තියකට යූරියා ග්‍රෑම් 33ක් හා මියුරේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 50කුත් මෙන්ම සිටුවා මාස 3 පසුවද මෙම මිශ්‍රණයමද යෙදීම කලහැකියි... මෙම රසායනික පොහොර භාවිතා නොකර කාබනික පොහොර පමණක් භාවිතා කිරීමද කල හැකියි... ජල සම්පාදනය අනිවාර්‍ය වෙනවා...
• අමතරව ග්ලිරිසීඩියා කොල වගාවට යෙදීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්විදින්න පුළුවන් වෙනවා..
එහෙනම් ඔන්න කහ සිටුවීම ගැනත් හැමදෙයක්ම සරලවම පැහැදිලි කරා... ඔබත් ඔබේ පාරිභෝජනයට අවශ්‍ය කහ ප්‍රමාණයවත් ගෙදරදීම වගා කරගැනීමට උත්සාහ කර බලන්න...


සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරිනී,
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

තවදුරටත්

Comments

Popular posts from this blog

ගොලුබෙල්ලන්ගේ හානිය