අඩු ඉඩෙන් වැඩි ප්‍රයෝජනයක්
පියැසි_උද්යානයකින් නිවසේ පලතුරැ අවශ්යතාව සපුරා ගමු..
වස විස ගැසූ පලතුරැ වෙනුවට නිවසේ පියස්ස එහෙම නැත්නම් ස්ලැබ් එක උඩ බදුන්ගත පලතුරැ වගාවකින් නිවසේ පලතුරැ අවශ්යතාව සපුරා ගන්න විදිහ මෙම ලිපියෙන් කතා කරමු..
මොනවද මේ සදහා අවශ්ය ද්රව්ය.
👉අඩි එකහමාරක් පමණ විශ්කම්භයක් ඇති ප්ලාස්ටික් බඳුන්. (අඹ, පැපොල්,ජම්බූ, පේර,කාමරංකා, අන්නාසි, කොමඩු, පැණි දොඩම් වැනි පලතුරැ වර්ග සිටුවීමට).
👉 කොහුබත් ,කොම්පෝස්ට්,
👉මතුපිට පස්
👉ගොම පොහොර
👉කර දහයියා
👉අඩි භාගය පමණ බඳුන් (ස්ටෝබෙරි , මල්බෙරි, චෙරි, මහ කරඳ , ගර්කින් ,තක්කාලි , වැනි බෝග සිටුවීමට)
👉හොදින් කැපෙන පිහියක්
👉බද්ධ පලතුරැ පැල / පොඩි ශාක නම් බීජ පැල අඩි භාගයේ බදුන් තුල සිටුවන පැල
බදුන් ගත කිරීම
විශාල බදුන් තුල සිටුවන පැල ඉහත සදහන් කොට ඇත..එම බදුන් අඩියට උලුකැට කැබලි තනි තට්ටුවක් අසුරා මතුපිට පස්..කොම්පෝස්ට්..ගොමපොහොර..කොහුබත්.. කර දහයියා. 2 : 1 : 1 : 1: අනුපාතයට මිශ්ර කර බදුන පුරාවා ගන්න ඉන් පසු බද්ධ පැලය සිටුවා ජලය සම්පාදනය කරන්න.
නඩත්තුව
රෝග පලිබෝධ හානි ඇත්නම් අතින් ඉවත් කරන්න..මසකට වරක් කාබනික දියරපොහොර යොදන්න (කාබනික දියර පොහොර අලෙවි සැල් තුල ගන්නට ඇත)..ඒ සමගම කාබනික පොහොර බදුනට යෙදිය හැක..
තද අව්වට ප්රිය නොකරන ශාක විශාල ශාක වල යට තබන්න..සූර්යාලෝකය වැටෙන දිශාව අනුව මෙය තීරණය කල යුතුයි..බද්ධ ශාක ටික කලක් යන විට මුදුන් මුල කපා රෑට් බෝල් කල යුතුයි එවිට බදුන තුල පැතිරැනු මුල් පද්ධතියක් ඇති වේ..
විශේෂ කරැණු..
මෙම ශාක වලට ජලය වෙනත් කිසිම අයුරකින් නොලැබෙන නිසා බදුන් වල ජල තත්වය ගැන නිතර අවධානය යොමු කල යුතුයි ..ඌනතා රෝග ගැන අවධානයෙන් සිටිය යුතුයි බොහෝ විට දියර පොහොර භාවිතයෙන් මේවා මගහැර ගත හැක..සූර්යාලෝකය වැටෙන කාලසීමාව පිලිබද දල අවබෝධයක් ලබා ගත යුතුයි .ස්ලැබ් එක රත් වන්නේ නම් ලෑලි උඩ මෙම බදුන් ස්තානගත කල හැකියි ..පූර්ණ කාබනිකව වගා කරන නිසා පලිබෝධ හානිද යාන්ත්රික ක්රම (පොලිතීන් මලු යෙදීම වැනි) මගින් මගහරවා ගත යුතුයි.
ස්ටෝබෙරි වැනි පලතුරැ වර්ග සෙවන දැල් යට රාක්ක සිටින සේ අසුරා තැබිය හැකියි. බදුන් වල මතුපිට සෑම විටම කාබනික වසුනක් (පිදුරැ , අමු කොල) වැනි යමකින් ආවරණය කිරීමෙන් ජලය ආරක්ෂා කර ගත හැකියි
බකට් කිට් වැනි බින්දු ජල සම්පාදන ක්රමයක් භාවිත කරන්නේ නම් ජල සම්පාදනය නොකඩවා ලබා දිය හැකියි. ඒ සමගම පොහොර වර්ග ජලයේ දියකර ලබා දිය හැකිය.
Comments
Post a Comment