Posts

Showing posts from June, 2020

අඩු ඉඩෙන් වැඩි ප්‍රයෝජනයක්

Image
ලංකාවේ මෙන්ම ලෝකයේත් දවසින් දවස ජනගහනය කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. ඉතින් මේ ජනගහනය වැඩිවෙන්න වැඩිවෙන්න අපිට තියෙන භූමිය වැඩි වෙන්නෙ නැහැනෙ. ඉතින් මේ ජනගහනයට කන්න දෙන්න වගා කරන්න තියෙන ඉඩකඩ අපිට අහිමි වෙනවා.ඉතින් මේ සඳහා අපට තියෙන ඉඩ උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහක් ගැන තමයි අද කියන්න යන්නෙ. පියැසි_උද්යානයකින් නිවසේ පලතුරැ අවශ්යතාව සපුරා ගමු..  වස විස ගැසූ පලතුරැ වෙනුවට නිවසේ පියස්ස එහෙම නැත්නම් ස්ලැබ් එක උඩ බදුන්ගත පලතුරැ වගාවකින් නිවසේ පලතුරැ අවශ්යතාව සපුරා ගන්න විදිහ මෙම ලිපියෙන් කතා කරමු.. මොනවද මේ සදහා අවශ්ය ද්රව්ය.  👉අඩි එකහමාරක් පමණ විශ්කම්භයක් ඇති ප්ලාස්ටික් බඳුන්. (අඹ, පැපොල්,ජම්බූ, පේර,කාමරංකා, අන්නාසි, කොමඩු, පැණි දොඩම් වැනි පලතුරැ වර්ග සිටුවීමට).  👉 කොහුබත් ,කොම්පෝස්ට්, 👉මතුපිට පස්  👉ගොම පොහොර  👉කර දහයියා  👉අඩි භාගය පමණ බඳුන් (ස්ටෝබෙරි , මල්බෙරි, චෙරි, මහ කරඳ , ගර්කින් ,තක්කාලි , වැනි බෝග සිටුවීමට)  👉හොදින් කැපෙන පිහියක්  👉බද්ධ පලතුරැ පැල / පොඩි ශාක නම් බීජ පැල අඩි භාගයේ බදුන් තුල සිටුවන පැල බදුන් ගත කිරීම විශාල බදුන්...

කහ වගා කරමු

Image
"කහ වගා කරමු" කහ හිටවන්නත් කාලේ හරි ඔන්න... ඔන්න එහෙනම් අද කහවගා කරන ආකාරය ගැන කියන්නයි යන්නේ... • කහ බෝගය කුරුණෑගල, මහනුවර, මාතලේ, ගම්පහ, කොලඹ, කෑගල්ල, නුවරඑලිය, කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, රත්නපුර, මොණරාගල, පොලොන්නරුව, අම්පාර ජල සම්පාදනය යටතේ වියළි කලාපයේ තෝරාගත් ප්‍රදේශ වල හා අතර මැදි කලාපයේද වගා කරන්න පුලුවන්... • කහ හිරුඑළිය ප්‍රිය කරන බෝගයක් වුවද බහුලව මද සෙවන තත්ව යටතේ වගාකරනු ලබයි.. නමුත් අධික සෙවන අස්වනු අඩුවීම කෙරෙහි බලපයි... • යල කන්නයේ වැසි සමග මාර්තු, අප්‍රේල්, යන මාසයන් කහ සිටුවීමට  යෝග්‍යතම කාලය වෙනවා... නමුත් දිවයිනේ සමහර ප්‍රදේශ වල විශේෂයෙන්ම වියළි ප්‍රදේශවල මහ කන්නයේ වර්ෂාව සමග ඔක්තෝබර්, නොවැම්බර් මාස වලදීද කහ වගා කරනු ලබනවා... • අඩි එකක් වත් ගැඹුරට පස පෙරලා කැට පොඩිකර ගැනීම කලයුතුයි... ඩොලමයිට් යෙදීමද කල හැකිනම් වඩාත්ම සුදුසු වෙනවා... මෙහිදී ඩොලමයිට් යොදා සති තුනක් තිබෙන්නට හැර කහ සිටුවීම වඩාත් උචිත වෙනවා... • අඩි 5ක් පලළ, සෙ.මි. 25 උස පාත්ති කැමති දිගකට සකසා ගත හැකි වෙනවා... සකස් කරගත් පාත්ති වලට දිරූ කාබනික පොහොර සත්ව පොහොර හා පිළිස්සූ දයියා අගුරු යොදා හො...

ගොලුබෙල්ලන්ගේ හානිය

Image
ගොලුබෙල්ලො කිව්වම මතක් වෙන්නේ අපෝ මහා වදකාර සතෙක් එහෙම නැත්නම් කරදාර කාරි සතෙක් විදියටයි.මොකද ඒ තරමටම වගා හානි කරන ත් ‍ රස්තවාදීයෙක් වෙලා.මේ ගොළුබෙල්ලන් හා හම්බෙල්ලන් අයිති වෙන්නේ මොලුස්කා කියන වංශයට.ලංකාවේදී අපිට ගොලුබෙලි වර්ග 253 දකින්න පුළුවන් ඒ අතරින් 205 ක්ම අපේ රටට ආවෙනික ගොලු බෙල්ලෝ..එතකොට අපේ මේ වගාවට හානි කරන යෝධ අප් ‍ රිකානු ගොලුබෙල්ලා වගේම අනික් වර්ග 18 ,ම විදේශ රටවලින් මෙරටට පැමිණි වර්ග වෙනවා. මේ ගැටලුව ගොඩක් අයට තියෙන ලොකුම ප් ‍ රශ්නයක් .අද මේ ලිපියෙන් ගොලුබෙලි කරදරෙන් කොහොමද නිදහස් වෙන්නේ කියලා ඔයලට පොඩි වෙලාවක් අරන් කියන්න ඕනේ කියලා හිතුනා.ක් ‍ රම ගොඩක් තියෙනවා කරන්න පුළුවන් ..අදම කරලා බලන්න..හැබැයි මේ මොන ක් ‍ රමේ කලත් අපේ සැලැකිලිමත්කම නැත්නම් අපිට මේ කරදරය මර්ධනය කරගන්න බැරි වෙනවා.ඒ නිසා ප් ‍ රධානම කාරණය තමයි අපේ ගෙවත්ත නිතරම පිරිසිඳුව තියාගන්න එක.ගෙවත්ත අපිරිසිදුයි නම් මොන දේ කලත් හරි ප් ‍ රතිඵලයක් බලන්න බැරිවෙනවා.අපේ ගෙවත්ත,කාබනික දේ උපයෝගි කරගෙන කරන දෙයක්නේ.ඉතින් පරිසර හිතකාමී අයුරින් ගොලුබෙලි මර්ධනය කරගන්න ඇත්තටම පුළුවන්.නිතරම අපේ වගාව හොඳට නීරීක්ෂණය කරන්න ඕනේ.අපි...

සරල පලිබෝධ පාලන ක්‍රම

Image
 සරල පළිබෝධ පාලන ක්‍රම  * දුම් ඇල්ලීම තද උණුසුමක්‌ පැළෑටිවලට නොවදින සේ බඳුනකට අමු ශාක කොටස්‌ ගෙන දැල්වෙන අඟුරු ස්‌වල්පයක්‌ එකතු කර දුම් ඇල්ලීම සිදු කෙරේ. මදුරුතලා සහ කොහොඹ මේ සඳහා විශේෂයයි. දිනකට වතාවක්‌ දුම් ඇල්ලීමෙන් විශාල සංඛ්‍යාවක්‌ කෘමීන් මර්දනය කරගත හැකිය. වියළිගොම, දුම්කොළ, කැප්පෙටියා, ගෙන්දගම් සහ සාම්බ්‍රානි වැනි ද්‍රව්‍ය ද දුම් ඇල්ලීම සඳහා යොදා ගනී. * අළු භාවිතය අළු කෘමි සතුන්ට මෙන්ම දිලීර රෝග සඳහා ද සුදුසුය. භාවිතයට ගනු ලබන්නේ දැව අළු වර්ග පමණි. පොල් ගසට සම්බන්ධ කිසිම කොටසක අළු බෝග වගාවන්හි කෘමීන් පාලනයට සුදුසු නොවේ. "වීර" ශාකයේ දැව අළු භාවිත කළ හැකි නම් වඩාත් සුදුසුය. අළු ස්‌වල්ප ප්‍රමාණයක්‌ කෙලින්ම පත්‍රවලට වැටෙන සේ ඉසීම කළ යුතුය. එසේම විවිධ ද්‍රවණයන් සමග මිශ්‍ර කර යොදා ගැනීමට ද පුළුවනි. කොළ ගෝවා වැනි බෝගවල දළඹුවන් හා කුඩා පණුවන් පාලනයට වියළි අළු පත්‍ර මතුපිටට ඉසිය යුතුය * සබන් දියර භාවිතය සබන් දියර මයිටාවන්ගේ හානිය (මිරිස්‌ ආදියෙහි කොළ හැකිලීම) පාලනය කිරීම සඳහා වඩාත් සුදුසුය. සාන්ද්‍ර සබන් වතුර කෝප්ප 1/4 ක්‌ සහ භූමිතෙල් මේස හැඳි 1/4 ක්‌ වතුර ලීටර් 1 කට මිශ්‍ර ක...

රාබු වගාව

Image
සීතල ප්‍රතිරෝදී රාබු....😋😋😋 බිම් සකසන ආකාරය බීජ සිටුවීමට සති දෙකකට තුනකට පමණ පෙර 30 cm පමණ ගැඹුරට බිම පෙරලා පස් කැට පොඩි කර ගන්න. ජලය බැස යන පරිදි උස් පාත්ති සකසා ගන්න. අඩි 10 ක් දිග සහ අඩි 3ක් පළල පාත්ති සකසා ගැනීමෙන් වගා නඩත්තු කටයුතු පහසු කරගත හැක. පාත්තියේ වර්ග මීටරයකට අවම වශයෙන් කාබනික පොහොර 2 නට පමණ දමා පස සමග හොඳින් කලවම් කර ගන්න.   හොඳින් මතක තබා ගන්න, බීජ සිටුවීමේදී පාත්තියේ පේලි අතර පරතරය 30cm ද පේලිය තුල පැල අතර පරතරය 10 cm ලෙස තබා ගැනීමද පැල වර්ධනය සඳහා බොහෝ සෙයින් වැදගත් වේ.   බීජ රෝපණය පේලිය දිගේ 1cm පමණ ගැඹුරට බීජ දමන්න. බීජ පැලවී සති 1-2 කදී 10cm පමණ පරතරය සිටින සේ වැඩිපුර ඇති පැල ඉවත් කරන්න. රසායනික පොහොර යොදන අකාරය බීජ සිටුවීමට දින දෙකකට තුනකට පමණ පෙර යුරියා කොටස් 1ක්, සාන්ද්‍ර පොස්පේට් කොටස් 1ක් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් කොටස්1 මිශ්‍ර කර ඉන් පිරවූ යෝගට් කෝප්ප 1ක් පාත්තියේ වර්ග මීටර් එකකට පමණ මිශ්‍ර කරන්න. වගා පාලන කටයුතු පස බුරුල් කර, වල පැළෑටි ගලවා ඉවත් කරන්න.වගාව නිතර නිතර පරික්ෂා කොට කෘමි උවදුරු ඇතිදැයි සොයා බලා ඇත්නම් කොහොඹ බීජ නිස්සාරකය ඉසින්න. ...